Home/Songs/සුකොමල බඳ ලෙලවා

සුකොමල බඳ ලෙලවා

Sukomala Banda Lelawa

Font size:
(සුකොමල බඳ ලෙලවා
පය කිංකිනි සොලවා
කිරි මෙන් බැබලෙන සඳලු තලේ
රඟ දෙන සුර නිලියේ...//)

නටුවෙන් ගිලිහුන ඕලු මලක්
දිය මත පාවෙන්නේ
මෙලෙසය පැවසෙන
ඔබගෙ දෙ අත් පොඩි
පා කදිමයි නිලියේ...

සුකොමල බඳ ලෙලවා...

වරලස පීරා මල් ගවසා
ගෙල වට මුතු මාලා
රණහස පරයන
පියයුරු හා බැම
හා කදිමයි නිලියේ...

සුකොමල බඳ ලෙලවා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.