ගලා යන ගඟේ
Galayana Gange (Deweni Inima Teledrama Song)
Music: නිමේෂ් කුලසිංහ Lyrics: ලක්සිරි වික්‍රමගේ
Font size:
ගලා යන ගඟේ සඳ දියේ වැටී කොඳ මල් මුහුණ දිලේ හවස හමුවෙලා වෙන්වෙලා ගියේ පාලුවයි ලං කලේ..... මද සුලං රැලී අතු අගින් වැදී මොනවදෝ කියන්නේ ඒ සුලං රැලී සිසිලසින් වෙලී හදවතට දැනෙන්නේ පාලුවත් සුන්දරයි ආදරේ සුන්දරයි..... හවසට හමු වී අයෙත් වෙන් වී ජීවිතේ ගෙවෙන්නේ සඳ එළිය වගේ ජීවිතේ පුරා ආදරේ දැනෙන්නේ පාලුවත් සුන්දරයි ආදරේ සුන්දරයි..... තරුකැට වටවී රාත්‍රිය පුරා සඳේ තනි රකින්නේ සඳේ කවදදෝ සඳකැන් යාමේ මා තුරුලට එන්නේ පාලුවත් සුන්දරයි ජීවිතේ සුන්දරයි..... ගලා යන ගඟේ......