Font size:
ආයම්මා කොතැන ගියා..// බේබි අරන් රවුම් ගියා මා පස්සෙන් අප්පු ගියා අප්පු එතන මොකට ගියා..// මා පස්සෙන් නිකන් ගියා මමත් හිනා වෙවී ගියා ආයා උඹේ කපටි කතා..// නෑ නෝනා ඇත්ත කතා මගෙ නම් නෑ කපටි කතා අප්පු එක්ක මොකද කතා..// අප්පුගෙ නෑ නරක කතා කීවෙ නිකන් විහිලු කතා ඒයි අප්පු මෙහෙට වරෙන්..// එනව නෝන බොහොම සැරෙන් කතා කලේ ඇයි තරහෙන් අප්පු මොකද බයෙන් බයෙන්..// මෙයයි මමයි රවුම් ගිහින් නරක කතා කිව්ද කියන් වහපිය කට බොල කල්ලී..// ඕ වට්ස් ද මැටර් මයි ඩාලිං ආයට බැන්නේ ඩාලිං දැම්ම දොට්ට බැහැ කල්ලී..// එපා නෝන බොරු කෑලී යන්න දෙන්න පඩි සල්ලී ආය පොඩක් ඉවසාපන්..// මුන් දෙන්නා රවුං ගිහින් පාක් එකේ බොහොම නැටුම් ආයා නෑ එහෙම නැටුම්..// මා ගැන බොහො කලක පටන් දන්නෙ මහත්මයයි හොඳින් එපා ආය ගමට යන්න..// ආය මෙතන ඉන්දගන්න කරුනු මොකද මට කියන්න අන්න ඒක හිතට ගන්න..// නෝනාටම සයිඩ් දෙන්න මොකද කතා අප්පු උඹට නෑ සර් මම කිව්වෙ නිකන්..// බේබි අරන් රවුං ගිහින් බේබි තියල ගහක් යටින් මේකි කරල අඟර නැටුම්..// ඇඟේ පහරලා කපුටන් කැත කල බේබිගේ ඇඳුම් නෝනා මට ගමට යන්න..// එපා අප්පු ගමට යන්න බැහැ මේකිව ඉන්දගන්න කවුද බේබි බලාගන්නෙ..// මට පුලුවන් බලාගන්න ටෝයිස් මුකුත් ගෙනත් දෙන්න එපා කෝප මයි ඩාලිං..// මීට පස්සෙ ආය හොඳින් ඉන්න බවට මම රෙකමන්ඩ් මට හරි නෑ ඔය කෝලං..// ආයා උඹ මගෙ ඔවදන් අහල ඉතින් හොඳින් ඉඳින් ආයා උඹ හිතට ගනිං..// මීට පස්සෙ ඔහොම රවුම් අප්පු එක්ක එපා නැටුම් ඔව් ආයා හොඳින් ඉඳින්..// මහත්තයා කියනව නම් ගමට නොගොස් නවතින්නම් ආයා උබ ඉන්නව නම්..// අප්පු එක්ක තරහ වෙයන් හිනා නොවී කට කොනකින් නෝන හිනා යනව නිකන්..// අයියෝ උඹ! මයි ඩාලිං මේකිගෙ ඔය බොරු කෝලම් මේව දැකල බෑ හිනාවෙ..// කෝලහාල බංගලාවෙ නරක නිසයි එපා කීවෙ අප්පුත් ඔහෙ උන්නාවේ..// ආයත් ඔය උන්නාවේ කැන් නේ? අපි ඇන්නෑවේ