Font size:
ජීවන ගංඟා ඉවුරේ අපි ඇවිද යමු ප්‍රියේ පායන හිරුට හාදු දී මල් පිපී තියේ නිම්නෙහී සෞම්‍ය වී ගතෙහි සිතෙහි සුව සෑදී සුවදින් පිරී සිසිලෙන් සැදී සංතානේ සන්තෝෂේ මෝදු වේ රුවැති ගුණැති දූ පුතුන් ඒ කුසුම් වගේ පැහැද සුවඳ විහිදුවා ලෝ තුලින් නැගේ අනාගතේ ඔවුන් අතේ තබමු සතුට දෙයි සිතේ දුකින් මිදී සැපෙන් සැදී සැනසීම සතුට ලෝ හිමී ඉන්පස්සෙ යළි නොඑන ගමනෙදී නිම්නේ බලා ඔහේ අවසාන ගමනේදී යමු අපි ගංගා තිරේ ඔහේ
Singers
Data
Last updated May 2026