Home/Songs/පෙර කරුමයක් නිසා පිටුපා ගියත් ඔයා

පෙර කරුමයක් නිසා පිටුපා ගියත් ඔයා

Pera Karumayak Nisa

Font size:
පෙර කරුමයක් නිසා පිටුපා ගියත් ඔයා 
වෙච්ච දේ උනා පල නෑ හඩා දොඩා
ජීවිතේ කැප කරාලා ආදරේ ඇප කරාලා 
මන් ඔබට පෙම් කෙරුවෙ ඇයි හිතෙනවා 

පසුතැවෙයි සසර ගමනේ කවදාහෝ දිනක ආයේ 
රත්තරන් පෙමට මාගේ ඔබ නිගා කල නිසා //

ජන්මයෙන් මෙහා හැම ආත්මයේ පුරා 
කවුරුවත් එපා අපි අපගේ වෙමු කියලා 
දිව්රලා තියා මට ලේ වලින් ලියලා 
ඒ හිතින් ඔයා ලොකු සෙල්ලමක් කෙරුවා 
ජීවිතේ කැප කරාලා ආදරේ ඇප කරාලා 
මන් ඔබට පෙම් කෙරුවෙ ඇයි හිතෙනවා 

පසුතැවෙයි සසර ගමනේ ....//

ප් ‍රේමයක් නිසා තිලිණේ ලෙසින් එදා 
මා කෙරේ ඔයා විශ මතකයන්ම තවරා 
දුන්න වේදනා බරපතල වැඩි නිසා 
ආයෙමත් කිසිදා වෙන කෙනෙකුට දෙන්න එපා 
ජිවිතේ කැප කරාලා ආදරේ ඇප කරාලා 
මන් ඔබට පෙම් කෙරුවෙ ඇයි හිතෙනවා 

පෙර කරුමයක් නිසා පිටුපා ගියත් ඔයා 
වෙච්ච දේ උනා පලනෑ හඩා දොඩා 
ජීවිතේ කැප කරාලා ආදරේ ඇප කරාලා 
මන් ඔබට පෙම් කෙරුවෙ ඇයි හිතෙනවා 

පසුතැවෙයි සසර ගමනේ .....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.