Home/Songs/ඔබටයි යෙහෙළියේ

ඔබටයි යෙහෙළියේ

Obatai Yeheliye

Music: ලන්ත්‍රා පෙරේරා Lyrics: චන්ද්‍රදාස ප්‍රනාන්දු
Font size:
පෙර සසරේ සෙව්වා එයා  - ඇත ඇවිදින් ඔබව සොයා
ආසිරි ගී රැවූ දෙන මංගල මොහොතින් පැතුමන් ඉටු වෙනවා
සමනල යෞවන සමයේ  - මිතුරියේ ඔබ සිතු පැතු සේ
ආදරයේ සිහිනය එළිවන මොහොතින් හසරැල් සුපිපෙනවා
	
ඔබටයි යෙහෙළියේ සුබ පැතුමන් මගේ 
පිය මැන යන්නකෝ සැනසිල්ලේ එළඹෙන සුබ නැකතේ

සෙනෙහස නීති සුරකේවා දුක් කඳුළැල් නිම වේවා
ජීවිතයේ සොම්නස විදිමින්  ඔහුගේ සෙවෙනෙහි සැරසෙනවා
අපෙ මිතුදම් නොමකෙවා යලි පෙර මෙන් හමු වේවා
මේ සසරේ සරනා තුරු ඔබ දෙදෙනා සතුටේ සැරදේවා

ඔබටයි යෙහෙළියේ සුබ පැතුමන් මගේ 
පියමැන යන්නකෝ සැනසිල්ලේ එළබෙන සුබ නැකතේ...

ඔබටයි යහෙලියේ සුබ පැතුමන් මගේ 
පියමන යන්නකෝ සැනසිල්ලේ එළඹෙන සුබ නැකතේ 
පියමැන යන්නකෝ සැනසිල්ලේ ඔහු අතගෙන සුබ නැකතේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.