ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා
Adare Wadi Obata Wenadatath Wada
Font size:
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා මව්බිමෙන් නුහුරු දේශයේ පාළූවෙන් ගෙවන ජීවිතේ ඔබ කෙරේ ආදරේ තව තවත් වැඩි කලා ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා සේයාරූ දකින වාරේ නෙත් වානේ කඳුළු වෑහේ // හැඟුම් දවා දුකින් හඩා සුසුම් හෙලන්නේ නිරන්තරේ ඔබේ දසුන් මැවී පෙනෙන්නේ යලි දකින්නේ කවදදෝ ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා මේ ගින්නෙන් දැවෙන කතරේ සීමාවෙන් මිදුණු දවසේ // ඉගිල්ලිලා ඉගිල්ලිලා සොයා ඇදෙන්නම් සැපෙන් පිරි දුකෙන් තොර ලොවක් තනන්නම් වෙහෙසවන්නේ ඒ නිසානේ ආදරේ වැඩියි .....
Singers
Data
Last updated May 2026