මිහිරැති වසන්ත
Mihirathi Wasantha
Music: ෂෙල්ටන් පෙරේරා Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොආවේ ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ.... සිතුවිළි සිතුම් සඳැල්ලේ ලතවෙයි රැඳී නිදැල්ලේ මිහිරක් කොහේද ඇත්තේ කිව මැන මටත් වසන්තේ දාහය ගතේ වෙළීලා කඳුළැලි නෙතින් ගලාලා ඈතට ඇදී ගලා යේ සොයමින් ගෙවූ අතීතේ සෙනෙහස ඔබෙන් උදා වූ යුගයකි ගෙවා නිමා වූ.... මිහිරැති වසන්ත.../