Home/Songs/කුරහන් මල් පිපිලා

කුරහන් මල් පිපිලා

Kurahan Mal Pipila

Music: ඉන්ද්‍රජිත් මිරිහනගේ Lyrics: සමන් කුලරත්න
Font size:
කුරහන් මල් පිපිලා පැල අද්දර
හිත සතුටින් සනසා
සඳකැන් මල් වැටිලා ඉහ ඉද්දර
නුඹ කැන්දන් එනවා

කෝල බැලුම් සිනහා ඉඟි බිගි
මන්ද නගේ හැමදා
ආල සිතුම් වඩනා කිති බිති
ලන්ද දිගේ නිබදා 

කුරහන් මල් පිපිලා ....

පෝය සඳින් ගෙනෙනා සිසිලස
හද මන්මත් කරනා
මහද තුලින් ගලනා තනිකම
තවම නුඹට නොදැනා

කුරහන් මල් පිපිලා ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.