අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
Ayarin Josapin
Font size:
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් අතරින් පතරින් නටයිද කැතරින් පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින් වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින් වියෝලෙ මා සනසන වියෝලේ වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ ඔබේ මිහිරි නදට නිදැල්ලේ නැලවේ ළදරුවො රන් තොටිල්ලේ වියොලේ ඔබව නෑ මා හැර ගියේ සංගීත සාස්තරේ කුමාරියේ විනෝදේ ඔබනේ සුර ලියන්ගේ වියොලේ වියෝලෙ මාගේ වියොලේ වියෝලෙ මාගේ අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්... ගේනා නාදෙට දෙව් සුර ලියන් ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන් නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන් ආවානේ ඔබෙ තරගෙට දුර සිටන් මිහිරී ගීත නාද ලියන්ගේ ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ නාදේ මහළු වුණත් අනර්ගේ වියොලේ වියෝලෙ මාගේ වියොලේ වියෝලෙ මාගේ අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්... බාලෙදි ඔබට බැන්ද ආදරේ මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ සිතේ ඇතිවෙන දුක් කරදරේ ඔබගේ එක තාලයකට මග ඇරේ මාගේ අවසාන මොහොත වෙලාවේ නාදේ කුමටද මට නලාවේ හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ වියොලේ වියෝලෙ මාගේ වියොලේ වියෝලෙ මාගේ මුල් ගැයුම, සංගීතය, ගී පද - වොලී බැස්ටියන්
Singers
Data
Last updated May 2026