Home/Songs/රොබරෝසියන්

රොබරෝසියන්

Robarosiyan

Music: තරිඳු දම්සර Lyrics: දීප්ති ජයසූරිය
Font size:
නුඹේ ලෙංගතුකමට 
හිතින් මා පෙම් කල තරම් 
නොකිව්වට මම කියයි නුඹ හට 
වැව රවුමෙ රොබරෝසියන් 

ගිහින් අහපං අහසින් සෙංකඩ 
ප්‍රේමයේ පරිමාව දැන් 
හෙලන වැහිකැට ගණිනු හැකිනම් 
ආදරෙයි එපමණකි මං 

රෑට තනියම නින්ද නැතුවම 
ඉන්න මට හිතෙනා තරම් 
යන්න උනහම ඉන්නෙ කොහොමද 
නුඹට වැඩියෙන් හැඩුව මං

අඳුරු ලාගෙන වහිනකොට වැහි 
හිත් ඉමට පාලුව අරන් 
රැගෙන උණුහුම වරෙන් හනිකට 
උඩුරාවණ මොන දුරද බං

නුවර අහසට නාඩා ඉන්නට 
කියන් මල් පෙති පිපෙනකන් 
පිපුනු රොබරෝසියන් මල් යට 
නුඹ නැතත් හෙට යනවා මං

වසාගෙන නෙතු හෙමින් ගිලිහුනු 
හුස්ම අග මතකය තියන් 
පාලු සුසුමක සුවඳ අදටත් 
හොයනවා සත්තකයි මං

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.