Home/Songs/සිතුම් පොබ කල

සිතුම් පොබ කල

Sithum Pobakala

Font size:
සිතුම් පොබ කල සමන් මල් යායේ
දුහුල් සළු තිර මුවා කල යාමේ //
ඔහුට හැඬු සිත තුරුලට ආඳා
මා රිදවන්න එපා

සුසුදු සුදු මුදු සිහින යහනාවේ
සුසුම් වියැකෙයි මිලින මායාවේ
පවු පිර වූ පෙම අපේ සොඳුරු දා
ඉකිබිඳ හඬනු එපා

බොළඳ මගේ සිත ඔබ හැර ගිය දවසේ
සළෙල සිතක් ළඟ තනිවූයෙමි අඳුරේ //
ඔබ සිහිවී මා හැඩූ තරම්
කුමරුන් නෑ දන්නේ

සුසුදු සුදු මුදු ....

අහිමි ආදරේ කඳුලින් මියෙන පැයේ
පෙරදා හැඬුවා මල් මුවරද පවනින් //
නිදි දැහැනින් මා හැඬූ තරම්
කුමරුන් නෑ දන්නේ

සිතුම් පොබ කල ....
සුසුදු සුදු මුදු ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.