Font size:
පබසර රන් පබළු මිණිමුතු කැන් ඔපලූ රජ කිරුළු අගය නැතේ ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ දිළිදු පැලේ එළිය ඇතේ ගඟ බැස ඒ සයුර බලා හිරු හිනැහේ නෙළුම නෙලා නෙත සිත හා එකතු වෙලා ඔබ දැකුමින් උමතු වෙලා පබසර රන් පබළු.... කළුවර රෑ රළු අහසේ තරු වැල හා අඩ සඳ සේ නොපිරුණු මේ සිතට මගේ ඔබ ගෙන එයි සතුට අගේ පබසර රන් පබළු....