යන්නම් මඟහැරලා තනිවෙන්න ඉඩදෙන්න ඕනා
Yannam Magaharala Thaniwenna
Font size:
යන්නම් මඟහැරලා තනිවෙන්න ඉඩදෙන්න ඕනා යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුනාද මන්දා අත අරින්නේම නෑ ඒනිසා රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// ළග ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා සඳ එළිය දෝ ආදරේ මගෙ හීන රැවටිලා ඇගෙ හීන එළවෙලා යළි මල් පිපේවා ජීවිතේ රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// සංසාර ආදරේ රහසේම මියැදුණා ඔබ මාව සිපගත් ඒ වෙලේ අවසන් කවත් ලියා සුසුමන් අරන් ගියා රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// පද - අභිෂේකා විමලවීර තනුව - දිලුම් තේජන හෙට්ටිආරච්චි
Singers
Data
Last updated May 2026