Home/Songs/සිලිලාර සිත නයනා (සූර්ය නගරේ)

සිලිලාර සිත නයනා (සූර්ය නගරේ)

Sililara Sitha Nayana (Soorya Nagare)

Music: ආනන්ද පෙරේරා Lyrics: සමන් අතාවුදහෙට්ටි
Font size:
(සිලිලාර සිත නයනා - හර්දේ සිඹිනා
කෝල නීල වදනා - සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ - දූවිලි සරණා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා)..//

හද අරවින්දේ මතු - දවසක පිපුණාවේ
ගිනිගත් මේ නගරේ - අතැර නොයමු මා ප්‍රේමී

සිලිලාර සිත නයනා... /

මුදු රාත්‍රියේ පිණි - ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී - සොඳුරු නොවෙද මා ප්‍රේමී

සිලිලාර සිත නයනා... //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.