Home/Songs/ඔබ සුසුම් හෙලන්න

ඔබ සුසුම් හෙලන්න

Oba Susum Helanna

Music: ප්‍රියාන් පතිරණ Lyrics: ලලිත් වසන්ත
Font size:
(ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විඳගන්න
රෑය ගුලි වී ඉන්න 
ලය යහන්තලේ උණුසුම දෙන්න...//)

ඔබ පුරහඳ වෙන්න 
ඒ පුරා හඳේ ගුලි වී ඉන්න 
(මම තරුවක් වෙමි 
රාත්‍රියට අහසේ පිපෙන...//)

ඔබ සුසුම් හෙලන්න....

ඔබ කවියක් වෙන්න 
ඒ කවිය මිහිරි හඬින් ගයන්න 
(මම මිහිරක් වෙමි 
ඒ කවියේ රස තැන් පුරන...//)

ඔබ සුසුම් හෙලන්න....//
(රෑය ගුලි වී ඉන්න 
ලය යහන්තලේ උණුසුම දෙන්න...//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.