Home/Songs/ආඩම්බරයි බැලුවම නම්

ආඩම්බරයි බැලුවම නම්

Adambarai Beluwama Nam

Font size:
ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නේ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොදනම්
ආලෙන් පෙලෙන්න ඇයි තහනම්

පෙම් හසරැල් ඔබ රැදුනේ - නිල් යායක රැස් වාගේ
ඔබ සිත මා තුරුලේ - නැලවුනු හැටි මගෙ මතකේ
තාමත් ඇත අද වාගේ - ඉන්නම් සැමදා ඔබගේ
සෙවනැල්ලක් වී සසරේ - අවසානය තෙක්ම හදේ
තනිකම නැති කර සැමදා මම ලංවූවා ඔබ සෙවනේ
ඔබ සිනහව මා හදේ රැදුනේ - නෙතු  දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ලංවී කියූ දෙය මතකේ තවම රැදේ

ආඩම්බරයි බැලුවම නම් //

දුක සිතෙන්නේ අපටම පමණද
තව සුසුම් වල උණුසුම මොකටද
මට තියෙන්නෙ තනිකම තනියෙට
ඔබ සිඹින්නේ මගෙ සිත විතරද

ආඩම්බරයි බැලුවම නම් //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.