Font size:
ජය සිරි මහ බෝධි රන් වැලි සෑ ආදි මිහින්තලය ඉසුරුමුණිය අව්කණ සිරිපා ඉමේ රන් රන්ගිරි දඹුලු ගලේ සරණයි නිදහසට හෙලේ අනුරපුරය පොළොන්නරුව තිස්සමහාරාම නුවර රුහුණු පිහිටි මායා රට පවසයි නිදහස් උදාව ජය සිරි මහ බෝධි .../ මහවැලි කළු කැළණි නදී වළවේ ගිං සිසිල දිදී නිවහල් නව ගීත ගයයි නවෝදයට අසිරි පතයි ජය සිරි මහ බෝධි .../ හැම ගහකම මල් පිපෙන්න තුරු වැල පල දරන්න තෙරුවන් සරණේ බලයෙන් අප සිරි ලක රැක දේවා අප සිරි ලක රැක දේවා අප සිරි ලක රැක දේවා