Home/Songs/පියමන් කර සිතැත්තී

පියමන් කර සිතැත්තී

Piyamankara Sithaththi

Font size:
පියමන්කාර සිතැත්තී මුළු මුහුණම කියවන්නී
ඇසිපිය තාල නගද්දී ඔබමයි හීන මවන්නී
සිතුවිලි සිහින දනව්වේ උතුරන සතුට නිදැල්ලේ 
පියමැන යන්න අනන්තේ කොහොමද පාර කියන්නේ 

නිවනා ඇස් අද්දර දවස පවනක් දුටු සේ මද්දහන  
අසුරා හදේ මුළු ජිවිතේ හිඩැසක්වත් නොපෙනී 
(ආදරේද ජීවිතේද මේ තෝරන්නට නොදනී)..//

පියමන්කාර සිතැත්තී...

උපමාවක් සොයමින් වත්ද සෙනෙහේ වැස්සෙන් දියබත්ව 
කිසිදාකදී නහවා නැති වැහි ඇලලක් සිතැඟී 
(මේ වගේ දිනක් ලඟින් රැඳී දෙසිතම විනි විඳිමි)..//

පියමන්කාර සිතැත්තී...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.