බැරි බර කරේ තියන්
Bari Bara Kare Thiyan
Music: මැක්ෂි ජයවීර Lyrics: මැක්ෂි ජයවීර
Font size:
බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා (රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා......//) මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලේ තවමත් මට සිහිවෙනවා ළිඳ ළඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන් මම උඹට විවේක දෙනවා වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින් ඔන්න බොල කරත්තෙ යනවා....... පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට ණය මට තවමත් ගෙවපන් මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම උඹවත් වටහල දීපන්..... උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උඹෙ වටිනකම වැඩිවෙනවා උඹයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ ඒ ගැන මම දිවුරනවා උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මම උඹට පොරොන්දු වෙනවා....... බැරි බර කරේ තියන්.......