ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ
Gasak Nara Mal Pipila Pinbara Dawase
Font size:
ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ මුනි පා පුදා ගන්න තෙමඟුල් දිනේ වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ // දහස් ගණන් මල් පිපිලා සුවඳ හලාගෙන නැළවෙන්නේ කාගෙත් මෙත් සිත් පැතුමන් අඳුරු ලොවක් එළිය කරන්නේ මහිමේ කියාපා තෙමඟුල් දිනේ වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ // ගසක් නෑර මල් පිපිලා .... මල් මැද බිඟු කැල රැදිලා බුදු ගුණ ගීතය මුමුණන්නේ වෙසක් ගීත රැව් ගැඟිලා මුලු සිරිලක පුබුදු කරන්නේ සිරියෙන් උදම් වී තෙමඟුල් දිනේ වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ // ගසක් නෑර මල් පිපිලා ....
Singers
Data
Last updated May 2026