Font size:
මේ ජිවිතය දැනෙයි ගී පද ලියවෙයි සඳ රැල්ල පවා අමුතුයි ඔබෙ සුවඳ සුසුම් හිත උමතු කරන් පවනැල්ල පුරා මුසුවෙයි ඔබ ලඟ මං අතර මං වෙලා ඒ ආදරයද නොහැඟෙයි..... සීතල ඇවිදින් හන්කිති කැවුවා කාටද ඉඟි බිඟි කරලා නාදුනන හැඟුම් මැද හිත රැදුනා ජිවිතේ සතුට තවරා රෑ හඳට වෙලා මහද සළලා ආ විලස එයින් බැහැලා මා ළඟට වෙලා ඔබ තරු අමුණා මා ගෙලෙ බැඳි නොසලා ජිවිතය දැනෙයි....... ආදර තෙපුලෙන් හිත වසඟ කරා ජිවිතයම එහි සඟවා ඒ සොඳුරු තෙපුල් තුල සැරි සැරුවා මං ඉමක් කොනක් නොසොයා මා මුවඟ පුරා සිනහව තවරා සන්තෝසය හිත පුරවා රෑ සිහින ඔබ සැරි සරුවා ජිවිතෙ මිහිර හඟවා......
Singers
Data
Last updated May 2026