සඳට සැහැසිකම් කළ අය
Sandata Sahasikam Kala Aya
Font size:
සඳට සැහැසිකම් කළ අය සඳ එළියෙන් සැණසුනාම සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ නුඹට ආදරෙන් සිටි අය නුඹ හා දොඩමළු වෙනකොට මට නම් එය දරාගන්න බෑ සුවඳ මතක් වී පෙරදා යළිඳු නුඹ වටා සරනා බිඟුන් නිසා මගෙ හිත නිද නෑ තුඩින් තුඩට රොන් ඉඩ හැර දිනෙන් දින පිපී පරවෙන මලක් නිසා මට නිවනක් නෑ සුවඳක් තනිවම විදින්න බඹරෙකු උහුලන ගින්දර මලකට කිසිදා පෙනෙන්නෙ නෑ නුඹගෙන් උණුසුම විඳිනා මගෙ හිත ලඟ දඟ කෙරුවත් නුඹට උණුසුමක් දැනෙන්නෙ නෑ
Singers
Data
Last updated May 2026