Home/Songs/අම්මා දිලෙනා

අම්මා දිලෙනා

Amma Dilena

Font size:
අම්මා දිලෙනා රන්මිණි පහනක් වේවා
සසරේ මතුදා සම්මා සම්බුදු වේවා //

හිතේ පිරුණු ආදරේ සාගරේ සමයි
දෙවිවරුන් පවා අම්මේ ඔබට ගරු කරයි
බුදුන්ටත් සමයි

අම්මා දිලෙනා ....

දුකේදිත් සැපේදිත් ඔබයි ළංවුනේ
මහමෙරක් පවා සැලුනේ කඳුළටයි ඔබේ
උතුම් මව් මගේ

අම්මා දිලෙනා ......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.