Font size:
හිරු නොවුනත් හිරුම වගේ සඳ නොවුනත් සඳම වගේ තරු නොවුනත් තරුම වගේ මගෙ නොවුනත් මගෙම වගේ උදේ හවා අඳුනක්සේ දෑස ඇදෙනවා අපට හොරා හමුවන ඇස් කථා කරනවා කථාසරින් සාගරයක් මෙසේ මැවෙනවා මගෙත් නොවී මගේ හදට මිහිර ගෙනෙනවා මිහිර ගෙනෙනවා .... හිරු නොවුනත් .... කියා ගන්න බැරි කවියක් මුවග තියෙනවා වචන නැතත් කවියේ අරුත මට වැටහෙනවා ළඟින් ඉඳන් කියවන්නට සිත නලියනවා ලොවම බලා සිටින නිසා පා පැකිලෙනවා පා පැකිලෙනවා ... හිරු නොවුනත් ....
Singers
Data
Last updated May 2026