Font size:
මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා පෙරදා වාගේ කඳුලින් කීවේ - දැනුනාද සංවේදනා මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා දින දින හද දොරහැර මාගේ - පෙම්සිත දවනා රළු රාගේ හඩවා.. කදුලින් මා තෙත් කලා මලකින් මත් බඹරෙකු වාගේ - සිතගින් සැලුවා ගුම් නාදේ ඇසුනා.. මුවගින් ඔබේ සදා සියොළඟ දෑලේ දැනුනා ආලේ- ඇසුනාද ආයාචනා පෙරදා වාගේ කඳුලින් කීවේ - දැනුනාද සංවේදනා සඟවා පෑ මුදු මදහසේ - ගිනිගෙන සිතිවිලි පොද වෑහේ ඔබ මා සිතැඟින් මුලා කලා කතරක් බඳු මේ යහනාවේ - මිරිඟුව දැක සැතැපුනු යාමේ මිදුනා.. දැහැනින් මුලා වෙලා සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා පෙරදා වාගේ කඳුලින් කීවේ - දැනුනාද සංවේදනා මාගේ පැතුමන් නිසොල්මන් කලා