Home/Songs/මෑ වේ මා දුටු කොමල ලියා

මෑ වේ මා දුටු කොමල ලියා

Mae We Ma Dutu Komala Liya (Maname)

Lyrics: එදිරිවීර සරත්චන්ද්‍ර
Font size:
මෑ වේ මා දුටු කොමල ලියා//
දෙස බලනුය රජතුම සිත නොම වේ ද තුටු
මෑ වේ මා දුටු කොමල ලියා
බැද්දෙ මෙම ඇවිදින දැක්ක වෙලෙ සිට මම
ඇද්ද මෙ සදිසි ලඳ සිද්ද වුයෙ අරුමද...//

දෙන්ට මට නොමසුරු තෑගි බෝග නෙක් පඬුරු
ගන්ට හැකි මෙඅයුරු ලද්දෙ මෑව අමයුරු//
මේ නම් ලෝලිය නොමවන්නේ//
සුර අඟනක විලසට වේද වන සිදඟන
මේ නම් දෝලිය නොමවන්නේ
මෑව ගන්ට අඹුවට වේය මට වාසනාව//
කැන්දාගෙන යන්ට අද මන්ද වෙනු මේ පමාව//
කවුද මෙම කැනහිළු ඌව මම වනසමි
සින්ඳා උගෙ ගෙල සෙද පෙන්නමිය බල තෙද...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.