Home/Songs/ටිකිරි කිරිල්ලියො

ටිකිරි කිරිල්ලියො

Tikiri Kirilliyo

Font size:
ටිකිරි කිරිල්ලියො සමඟ ඉගිල්ලෙන පැඟිරි වයස මගෙ ආවා
මඟුලක් කරගෙන අයින අල්ලගෙන ඉන්නට මගෙ හිත කිව්වා
ඉර - හඳ සඳ තරු අතට ගෙනත් දෙන කපු කප්පිතිතෙක් ලව්වා
මම මගෙ පබාවතී හෙව්වා

වයසින් වැඩි නැති උගත් දැනුම ඇති- ඉහළින් සලකන වංසේ
කුල මල දේපොල මුදල් බැංකු වල - තිබෙන ලක්ෂපති අංකේ
කාර් බාර් ඇති නැටුම් ගැයුම් ගුරු - නම ගිය සංගීත අංසේ
රූප රැජිණියක් සොයන්න කිව්වා - රැජිණක් පරදන ප්‍රං‍ශේ
අහසෙ මාලිගා බැන්දා - දෙවි පිහිට ඉල්ලලා වැන්දා
කඩදහි පැන්සල් පින්සල් නැතිවට - රූපෙත් එහෙ මෙහෙ අැන්දා

නුවර වලව් වල දකුණෙ පවුල් වල - ගැහැණු ළමයි ඔහු දන්නා
ඉහළින් තියලා වගතුග කියලා - ලස්සන පින්තුර පෙන්නා
මගෙ අත අල්ලන් ඉන්නව වාගේ - විස්තර කරලා දුන්නා
කළු ගල් මැද්දේ -  මැණික් ගලක් වගෙ - හොදම එකට හිත පැන්නා
අකුරු පොරොන්දම් බැලුවා - සුබ නැකැත් වෙලාවක් හැදුවා
නෑයන් කැන්දා පෝරුවෙ ඉන්දා - කෙල්ලව එක්කන් ආවා

රාං කිරිල්ලියි රාං කුරුල්ලා - වාගේ එක්වී දෙන්නා
ප්‍රේම රබානේ තක්කිට කරිකිට - තාලෙට නට නට උන්නා
ඔහොම ඉන්නකොට මගෙ අත වැදිලා - ඇගෙ බොරු කොණ්ඩය හැලුණා
මේක දැකල ඇය ඈහ් කියනකොට දත් සැට් එකබිම වැටුණා
විගහට මම පැනගත්තා - ඇගෙ නොන්ඩි කකුල මම දැක්කා
ඊට පස්සෙ මම මගේ මෝඩකම් - මහදැනමුත්තට වික්කා  

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.