Home/Songs/ඇසිපිය සලන නිසා

ඇසිපිය සලන නිසා

Asipiya Salana Nisa

Font size:
ඇසිපිය සලන නිසා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණු මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා

දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ආදරේට ලොව සීමා නොහැ‍‍ඟෙයි
පොළොවේ සිටි මා ඔබෙ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් ‍පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුනා දුන්නා

දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඇසිපිය සලන නිසා....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.