Home/Songs/සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්

Sande Ahase Irata

Font size:
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා

ඈත අතීතෙන් පියවර නඟමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා..
බලාපොරොත්තුව ලයට තුරුල් වී
ඈ එන පෙර මඟ බලා සිටිනවා..

දුකට මිහිර දෙන පාලුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා..
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා.

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.