Home/Songs/රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ

Re Pel Rakina

Font size:
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ...

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කන්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට...

හැදුවේ ගෙපැළ මට තනියෙන් ඉඳින්නද
බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්නද
රෑ තුන් යමේ මේ හැටි දුක් ගෙවන්නද
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද..

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහි කරන්නයි...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.