Home/Songs/පහසුවටත් වාසියටත්

පහසුවටත් වාසියටත්

Pahasuwatath Wasiyatath

Font size:
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා

ගමරාළාගෙ එළ හරකෙක්
හොරකම් කල හරක් හොරෙක්
දුටු ගමයා කෑ ගැසුවා
ඈ කවුද කවුද කවුද මිනිහෝ
මගෙ හරක අරං යන්නෙ
ඔහේගෙනං ඔහේ ගන්න
හොඳ නෑ නොවැ දොස් කියන්න
අනෙ මගෙ කට
හරකෙක් කොහෙද මා ළඟ
කඹයනෙ අල්ලං ඉන්නේ

කිතුලක රා බොන්න හිතී
මිනිහෙක් කිතුලකට නැගී
අයිතිකරුට අසුවූවා
ඕයි කවුද ඩෝ ගස් බඩගාන්නෙ
පාන්දර ජාමෙ
තණකොල ඩිංගක් කපන්න
හිතුණා ගහ උඩට යන්න
තණකොල? ගහ මුදුණෙ?
ඒක තමයි
තණකොල නෑ ගහ මුදුණේ
අනේ ඒකයි බිමට බහින්නේ

මරණව මම තඩි බළලා
වෙරි වූ මීයෙක් කියලා
බළලාහට මෙය ඇහිලා
ඈ මාව මරන්න තෝ?
කාපු බීපු වේලාවට
පුංචි විහිළුවක් කෙරුවට
විහිළු? හොඳ විහිළු
රාළහාමිලා වගේ අය
ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.