Font size:
පමා වූ අතීතේ තාමත් හිත යට හඬන්නේ.. තනිවෙනා වෙලාවේ.. තනියට කඳුලයි තියෙන්නේ..// මංගල පෝරුව සමීපේ.. ඔහු ඔබ අතගත් නිමේෂේ.. පවසන්නට බැරි සෙනේහේ.. තාමත් තනි හිත හඬන්නේ.. කුළුදුල් සිහිනය සිතාලා.. තරුවැල් ගැණ ගැණ පැතූවා.. රන් මුදුවක් සිත ඉරාලා.. තනිකර යන ඔබ බලාලා.. කොහොම ඉන්න ද ඉවසාලා.. කඳුලෙන් නෙතු තටු වැසීලා.. කඳුලෙන් නෙතු තටු වැසීලා.. පමා වූ අතීතේ.. කවදාවත් හිමි නොවේවි.. මේ දුකටත් නිම් නොවේවි.. බොල් හුලඟක් ඔබ සිඹිද්දී.. මා මිය ගිය බව කියාවී.. ඔබට දුක් ගිනි නොලබා දී.. මම සමුගන්නම් සිනාසී.. මම සමුගන්නම් සිනාසී.. පමා වූ අතීතේ..
Singers
Data
Last updated May 2026