සදහට මියැදුනාදෝ
Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song)
Music: දුලීකා කෝදාගොඩ Lyrics: නිසල් ප්‍රනාන්දු
Font size:
පාළුවේ තනි වේවි නුඹේ මතකය ලඟම මා වේදනා ඉවසාවී කඳුලින් නෙතු සරසලා හිත නිවපු ඔයා අද නෑ දුර ඈත ගිහින් ලඟ නෑ (එක දවසක් එන්න සොයා ආසයි ඔබ දකින්න මා මගෙ හුස්මන් නිමවෙන දවසක එන්නද නුඹගේ සෙවනට මා...//) අපගේ පෙම් කතාව නිමවුනු දවසේ ආදරයේ සුවඳම විතරයි දැනුනේ (සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...////) සාගරේ රළ වාගේ ඔබ දුර ඈතක ගියා ආදරේ හද පතුලේ ඔබ වෙනුවෙන් දැවෙනවා හිත නිවපු ඔයා අද නෑ දුර ඈත ගිහින් ලඟ නෑ එක දවසක් එන්න සොයා.... හිත නිවපු ඔයා අද නෑ දුර ඈත ගිහින් ලඟ නෑ