Home/Songs/හිරිමල් මුවින් පානා සිනා

හිරිමල් මුවින් පානා සිනා

Hirimal Muwin Paana Sina

Font size:
හිරිමල් මුවින් පානා සිනා
කඳුලැල් මකාලන්න මා හද නිවා
තුරුවැල් පවා සරදම් කළා
හද පොපියනා මේ ආදරේ

නුඹ මට දුන්නා යළි උදුරන්නෙ ඇයි ප් ‍රේමියේ
මා ජීවිතේ ඔබ පණ දුන්නා අද බිඳලන්නෙ ඇයි සොඳුරියේ

මායම් කලාවේ සායම් සිනාසේ
පායන් සඳේ මේ පෙම් ගී රැයේ
පාලම් තොටේ දී කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ
මේ යාමයේ .......

සංසාරයේ පෙරුමන් පුරා
ආලෙන් වෙලී ඉන්න වෑයම් කළා 
අන්සතු නොවී ඔබ මගෙම වී
රැක ගත්තෙ මා මේ ආදරේ

නුඹ මට දුන්නා යළි උදුරන්නෙ ඇයි ප් ‍රේමියේ
මා ජීවිතේ ඔබ පණ දුන්නා අද බිඳලන්නෙ ඇයි සොඳුරියේ

මායම් කලාවේ සායම් සිනාසේ
පායන් සඳේ මේ පෙම් ගී රැයේ
පාලම් තොටේ දී කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ
මේ යාමයේ මා දිහා
බලන් දිලිසෙනා නෙත් අගින්
ආඩම්බරේ හැර දමා
සිනාසෙන්නකෝ අදෙරෙන්

මායම් කලාවේ සායම් සිනාසේ
පායන් සඳේ මේ පෙම් ගී රැයේ
පාලම් තොටේ දී කෝලම් කළා සේ
ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ//
මේ යාමයේ .......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.