Font size:
එක හුස්මක්වත් එක හැඟුමක්වත් දෙන්නට බෑ කිසිදා බෑ නුඹ මට විතරක් දුන් හැම හුස්මක් මිය යන්නෑ අමතක නෑ මා දෙනෙතේ දිස්නය වාගේ නුඹ මාගේ ලගින්නේ සීතලේ ලඟින් සිත් පෑහේ මීදුමේ හෙමින් පෙම් වෑහේ මාවතේ දැන් අපි යන්නේ සොඳුරුයි ජීවේ හැන්දෑවේ සිත සන්සුන් දැන් එය ඔබ ලඟ නම් ඔබගෙන් මං නිවුනා දැන් යමු දුර ගමනක් ඔබ හා යා නම් අවනත මං නුඹටම නම් මා දෙනෙතේ .... නොසිතූ මේ ආදරේ තනි වූ වෙලේ ලඟ උන්නේ ගැහෙනා ඔබෙ හුස්මක් වී මා සැඟවෙන්නම් නුඹගේ තුරුලේ (සීතලේ ලඟින් සිත් පෑහේ මීදුමේ හෙමින් පෙම් වෑහේ මාවතේ දැන් අපි යන්නේ සොඳුරුයි ජීවේ හැන්දෑවේ)..//