Home/Songs/නන් සුරන් බැතියෙන්

නන් සුරන් බැතියෙන්

Nan Suran Bathiyen

Music: රෝහණ වීරසිංහ Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ 
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ

දෙස් විදෙස් පතළාවු කිත් යසසින් එවන් පසුබා සැදී 
මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී 
සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී 
උන් මලත් අපගේ විකුම් බිම සා සාදා නොනිදා හිඳී

නන් සුරන් බැතියෙන්....

දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ
උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැලේ හදවත් අපේ 
මින් මතුත් මේ මව් කුසේ උණුසුම පැතූ දරුවන් ලෙසේ 
පින් පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ

නන් සුරන් බැතියෙන්....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.