Home/Songs/කෙහෙරැල් දගකරනා මේ සැන්දෑවේ

කෙහෙරැල් දගකරනා මේ සැන්දෑවේ

Keheral Danga Karana

Font size:
කෙහෙරැල් දගකරනා මේ සැන්දෑවේ
නුබ කොහෙදෝ අද මා තනියෙන් අදුරේ
මතකෙන් මා දැවෙයි තාමත් පුදුමයි
ලංවී මේ තරම්
බොරුවටදෝ ඔබ ආදරෙ කෙරුවේ..

තුරුලේ හිඳ මා රඟපා පණවාගේ
මොනවද පැතුවේ දුප්පත් මේ මගෙ ලෝකේ...
නැතිබැරිකම් මගෙ පෙන්නා
මගහැරියත් හිත රිද්දා
තරහක් නෑ මා සුබපැතුවේ..

මතකෙන් මා දැවෙයි.. තාමත් පුදුමයි
ලංවී මේ තරම් 
බොරුවටදෝ ඔබ ආදරේ කෙරුවේ..

රහසින් ලංවී කව්දෝ ඔබෙ ලෝකේ
වරදක් හෙව්වෙ හැර යන්නයි මගෙ ලෝකේ
අහිතක් නෑ මං කිසිදා සතුටින්නම් ඔබ හැමදා
ඔබගේ සතුටයි මං පැතුවේ

මතකෙන් මා දැවෙයි තාමත් පුදුමයි
ලංවී මේ තරම් බොරුවටදෝ ඔබ ආදරෙ කෙරුවේ..//

කෙහෙරැල් දඟකරනා මේ හැන්දෑවේ
නුබ කොහෙදෝ අද මා තනියෙන් අදුරේ
මතකෙන් මා දැවෙයි තාමත් පුදුමයි
ලංවී මේ තරම් බොරුවට දෝ ඔබ ආදරෙ කෙරුවේ..//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.