Home/Songs/මන බැන්දු

මන බැන්දු

Mana Bandu

Music: ලහිරු පෙරේරා Lyrics: මාධව ජයතිස්ස
Font size:
මන බැන්දු හද රැන්දු හදරැදි සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ළඟමයි හද ඇත්තේ නුඹේ නමටයි
ඉන්නකෝ මාගේ සුදා

කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා
නුඹමයිනේ ළඳුනේ මගේ ජිවිතේ පුරා

මන බැන්දු හද රැන්දු හදරැදි සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා

මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ලගට
සරසන්නම් මල් වැල් ගොතා
පිනි බින්දු ඇහැරිච්ච නිල් යායේ ඇවිදිමුකො
එක්කාලා මාගේ සුදා //

මන බැන්දු...

සඳ දහරෙන් නහවාලා තරුකැට ගෙල සරසාල
සතපන්නම් මගේ උණුසුමේ
නුඹේ පුසුබින් නහවන්න මගෙ ගෙපැල සිරි දෙන්න
එනවාද මගෙ දෙවුදුවේ //

මන බැන්දු...
කරකාරේ බදින්නේ...
මන බැන්දු... //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.