ඔබ පෙම්වතියයි මා
Obe Pemwathiyai Maa
Music: සඳරුවන් ජයසිංහ Lyrics: සජිත් චතුරංග
Font size:
කදුළු තමයි මේ හිනැහෙන්නේ ඔබම තමයි ඒ ගැන දන්නේ මියැණු සිහිනෙක සිනහ දකින්ට පාරමි පුරනා .... ඔබ පෙම්වතියයි මා // සීතල අත්ලට බර දීලා රිදන කදුළු කැට උහුලාලා අහිංසකම සිනහව මකලා මගෙන් උදුරගත් දා ඉඳලා අහිමි පැතුම් මුලු හිත පිරිලා යළි ඔබ හිනැහෙයි නම් නොහඩා ඉන්නම් මං කදුළු තමයි .... නිදි නැති රැය ඔබ ළග වැටිලා ගැහෙන පපුව උඩ සැතපීලා නොසැලෙන ඇස් දෙක දිහා බලා සැනසෙන්නම් අපි ගැන හිතලා සිහින ලොවින් ඇස් දෙක ඇරලා යළි ඔබ එනවා නම් තව හිනැහෙන්නම් මං කදුළු තමයි ....//
Singers
Data
Last updated May 2026