මං දුටු හීනෙකි
Man dutu heeneki
Music: රවිහැන්ස් වැටකෙපොත Lyrics: අනෝමා විජේවර්ධන
Font size:
මං දුටු හීනෙකි නුඹෙන් වැසුණු ජීවිතේ මං දුටු හීනයේ නුඹයි මැවුව ආදරේ වහිනා සිතුවිලි වරුසාවක නෙලනා කවි මල් පිනි කූඩෙක තෙමී ගිලන් ඉමු සිත් මානෙට සදා කල් නොආ තැන් වේවිද ආදරේ මන්දිරේ පලිඟු තලාවක මං මැවුවේ මං දුටු හීනෙකි නුඹෙන් වැසුණු ජීවිතේ මං දුටු හීනයේ නුඹයි මැවුව ආදරේ නුඹේ සඳු අතුරා පැතුම් පිපි සුව සාදනා ආදරයේ පලිඟු මැදුරේ මං බලා ඉමි නුඹේ සිනහා මල් අතුරා කවි පිනි යායට ඉහලා ජීවිතේ සිහින පලසක් මං වෙලා දෙමි බලා හිඳින මග ජීවිතේ බලා පොරොත්තුව නොමියෙනා සිහින පලස යට හැන්ගේවිද ආදරේ උණුසුම සීතල වී මං දුටු හීනෙකි නුඹෙන් වැසුණු ජීවිතේ මං දුටු හීනයේ නුඹයි මැවුව ආදරේ