Home/Songs/බොල් පිනි වැ‍ටෙනා ‍මේ රෑ යා‍මේ

බොල් පිනි වැ‍ටෙනා ‍මේ රෑ යා‍මේ

Bol Pini Watena Me Re Yame

Lyrics: විපුල ධර්මප්‍රිය ජයසේකර
Font size:
(‍බොල් පිනි වැ‍ටෙනා ‍මේ රෑ යා‍මේ
හිතන්න මට කඳුළැල් පමණයි
අහන්න මිහිරියෙ හද හඬනා හඬ
ම‍‍ගෙ සිතුවිලි ඔබ ලඟ සසලයි)..//

(හඬන්න ඇහැ‍වෙත කඳුළු උනන්නේ
දරන්න බැරි දුක ලැබු හින්දයි)..//
ඇහෙන්‍නෙ නැති ‍මේ හද හඬනා හඬ
දකින්න ඇරයුම් ‍‍මේ ඔබටයි

බොල් පිනි වැ‍ටෙනා....

‍(මෙරක් ‍නො‍වේ සිත දුක උහුලන්නට
මලක් උ‍නේ ඔබ පිළිගන්නයි)..//
‍දෙ‍නෙත් ව‍ගේ මම සුරකින ‍සෙ‍නෙහස
මට මේ කඳුළින් දඬුවම් ඇයි

බොල් පිනි වැ‍ටෙනා....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.