Home/Songs/ඩාන්ස් විත් ජිප්සීස් 1

ඩාන්ස් විත් ජිප්සීස් 1

Dance With Gypsies 1

Font size:
ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන, යනවද සුරතලියේ 
ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන, යනවද සුරතලියේ 
මම බොහෝම ආසයි ,ප්‍රේමි සමගින් , දියේ බැස පීනන්න
මම බොහෝම ආසයි ,ප්‍රේමි සමගින් , දියේ බැස පීනන්න
අපි පීන පීනා ඉන්න අතරේදි ,ඔබේ මුව සිපගන්න 

සිරිපාදේ සමනල කන්ද පෙනේ, ආලෝකය සමන්පුරේ 
හඳපානේ මහා වන දිහා බලා ,සුදු රිදී කඳන් හමුවේ 
සිරිපාදේ සමනල කන්ද පෙනේ, ආලෝකය සමන්පුරේ 
හඳපානේ මහා වන දිහා බලා ,සුදු රිදී කඳන් හමුවේ 

අර මහ මළුවේ ,සිරිපාද පියුම්, වැඳ සාදු කියා එනවා 
අර මහ මළුවේ ,සිරිපාද පියුම්, වැඳ සාදු කියා එනවා
නාදේ ඇසෙන්නේ ඒ ගන්ටාරේ ,මේ උතුම් පෝදා..... 
මේ උතුම් පෝදා..... 

පිබිදේවි... (පිබිදේවි) පිබිදේවි... (පිබිදේවි) 
පිබිදේවි... අළුයම සිරිනරඹා 
පිබිදේවි... (පිබිදේවි) පිබිදේවි... (පිබිදේවි) 
පිබිදේවි... අළුයම සිරිනරඹා 

සූර්යා උදාවී ගෙන එන්නේ ,කාන්ති ප්‍රබෝධය ව්හිදෙන්නේ 
නෙක පාටින් නුඹකුසය දිලෙන්නේ, අළුයම සිරි නරබා 
නෙක පාටින් නුඹ කුසය දිලෙන්නේ, අළුයම සිරි නරබා  

අපි නාමු විලේ ,බස පීනාලා එහි ඕලු කඩා එමුකෝ ....
ඕලු කඩා එමුකෝ ....
එන්න මගේ කමලාවෝ ,අපි නාමු විලේ බැස පීනා
එන්න මගේ කමලාවෝ ,අපි නාමු විලේ බැස පීනා
අපි නාමු විලේ බැස ,පීනාල  එහි ඕළු කඩා එමුකො....
ඕළු කඩා එමුකො..

(ලලලා  ලලලා  ලාලලා )

මේ ස්‍රීනේ අපේ ලංකාවේ ,සිංහලයා ,
ඔහ ඉංග්රීසිංගේ සිරිතට වී පිරියා
ඔයා සාය ගවුන් අද ගති නොව මලියා
ඔවා මේවා දැකලා පන යන තරමට මටම හිනා 

ඔහාහා හා හා .......

නංගිලා ,මල්ලිලා ඉන්නවාදෝ බලා 
දැන් එති මං එති දැන් කියා
පුංචි බෝනික්කල පාට පාට නිලා මන් ගෙනාවා කරත්තේ පුරා 
සෙල්ලලම් බඩු ඕනේ... නම් එන්න අනේ මා සොයන් 
ලාබයි හරි ලාබමයි... සෙල්ලම් බඩු මේ ගොඩයි 

සෝබන හැන්දෑවේ සීතල මද පවනේ 
ඔබ එන තුරා සිටියා 
සුවද මලේ පෙම් කුසුමේ
සුවද මලේ පෙම්කුසුමේ 
කීම ඔබ තව නාවේ 
ඔබ කොතනද සොඳුරේ 

ඇවිලේ සමදා රශ්මිය විහිදා ඉටි පන්දම තනියේ 
බුදු ගෙයි පල්ලියේ හා දේවාලේ ශාන්ත සිරිය මවා
බුදු ගෙයි පල්ලියේ හා දේවාලේ ශාන්ත සිරිය මවා 
සුළගට තිර සෙලවෙයි...  එහි බුදු බන පලවෙයි  
බොහොර සසරෙහි ජීවේ අපගේ නැ අහෝ තිර නෑ 

තේ පැන් දින දින වැඩි වැඩි වේ බීමෙන් සිරුරට සැප වැඩි වේ 
තේ පැන් දින දින වැඩි වැඩි වේ බීමෙන් සිරුරට සැප වැඩි වේ 
සීනිද කිරි මුසු කර නිසි සේ සාදාගෙන පදමට රස සේ 
සීනිද කිරි මුසු කර නිසි සේ සාදාගෙන පදමට රස සේ 

ලලල ලලලලා ලලලලා ලලලලා ලලලලා

පොඩි ඇබේ  වරුන්... ලොකු ඇබේ  වරුන්... පොඩි ඇබේ වරුන් සොයලා
පොඩි ඇබේ  වරුන්... ලොකු ඇබේ  වරුන්... පොඩි ඇබේ වරුන් සොයලා
අවුරුද්ද පාසා යන්නේ අපි සෙල්ලමේ ඇබේ වරුන් සොයලා
අවුරුද්ද පාසා යන්නේ අපි සෙල්ලමේ ඇබේ වරුන් සොයලා 

රන් මාල නැතේ ඇයටා... රන් තෝඩු නැතේ ඇයටා  ...
පට සේල නැත්තත්.. ඔයා හරිම හැඩයි මගේ 
ලස්සන රන් එතනා ......
පට සේල නැත්තත්.. ඔයා හරිම හැඩයි මගේ 
ලස්සන රන් එතනා ......

සුරලියකගේ වගේ රුවිනා.. ඇගේ ගති ගුණ හරි අගනා 
පොඩි කාලේ ඉදන් මම අවේ සොයන් මගේ ලස්සන රන් එතනා 

පැලේ වසන රන් මලී... මගේ සොදුරු  සිරිමලී 
ඔබේ මිහිරි ගී ඇසි ඇසි මම සොයා එමි රන් මලී 
ඔබේ දිළිදුකම යටයි සුදෝ...  සැබෑ සොදුරු ගුණ නිසා
ඔබේ දිළිදුකම යටයි සුදෝ... සැබෑ සොදුරු ගුණ නිසා 
ඔබේ සිනාවන් අගේ මටා... හෙලේ ඔටුන්නට වඩා  
ඔබේ සිනාවන් අගේ මටා... හෙලේ ඔටුන්නට වඩා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.