Font size:
හද මාගේ සනසන්න සඳ රේණුවේ හිත ගාව ළඟ ඉන්න රෑ සීතලේ පියඹලා ළං වෙන්න මේ යාමයේ පෙම් සිහින සිතුවම් මැවේ // රහසේම සිප ගන්න ආවාද මන්දා පෙම් සිහින හැඟුමන් හදේ කොඳුරලා ආදරේ පෙම් පවස දැනිලාද මන්දා ඔබේ ප්‍රේම හැඟුමන් හදේ විසිරිලා මින්දදගේ හී සරය වැදිලා හදේ සිත බැඳුනා මගේ සෙනෙහේ හද මාගේ සනසන්න .... රෑ අහසේ තරු රෑන හොරැහින් බලාලා සඳ තරුද අපේ පෙමට ඉඟි බිඟි කලා ඒ සිහිනේ පෙම අපගොතරු වාගේ දිලිලා තරුවයි සඳයි සේම ඉමු එකට බැඳිලා මින්දදගේ හී සරය වැදිලා හදේ සිත බැඳුනා මගේ සෙනෙහේ හද මාගේ සනසන්න .... //
Data
Last updated May 2026