Home/Songs/ළිඳ ළඟ සංගමය

ළිඳ ළඟ සංගමය

Linda Langa Sangamaya

Font size:
උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
(ඔමරි පාන කොමල කරන අඟනුන් 
සැමදෙන රැස් වෙන
ළිඳ ළඟ සංගමයේ මුල් තැන.....//)

උඩහ ගෙදර අර මයියගේ ලොකු දුව මැණිකා
ගිය සුමානේ සෙනසුරාදා පොළට ගිහිල්ලා
සොපි අක්කාගේ පුතා එක්ක ඉඟියක් කරලා
ලයිසා මේක දැකලා ඇවිත් ළිඳ ලඟ කියලා.....

උදේ සවස......

අතේ තිබුණු කලය ටිකක් බිමින් තියාලා 
සෙලස්තිනා හාමි බුලත් විටක් හපලා
මැගිලින් ගේ කනට යමක් කොඳුරලා කියලා
මේ බව දුටු කැරලයින්ට තරහා ගිහිල්ලා.....

උදේ සවස......

අබරයියගේ ලොකු කොලුවා යුද්දෙට බැඳිලා
කාටත් නොකියා කොළඹින් කසාද බැඳලා
මනමාලි කැරොල් කරත්තයක් කියාලා 
උන් උඩ පැන පැන හිනාවෙනවා ළිඳ ළඟ ඉඳලා.....

උදේ සවස.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.