කුරුල්ලෝ නුඹේ තාලෙන්
Kurullo Nube Thalen
Music: අර්නස්ට් සොයිසා Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ...// කියාපන් කුරුල්ලෝ නෙළුම් මල් නෙළාලා ගෙලේ මං පළන්දා කිණ්නරාවි රූපෙන් බලන් ඉන්නවා දැන් හීන් බණ්ඩි ගොයමේ ගිරා නිල් රටාවේ කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ ඉහල ගං දිහාවේ ඇඹුල් පේර මාදං පොකුරු බර වෙලා දැං බලන් ඉන්නවාලු සිංදු ගීත වන්නම් ඔහේ කිය කියා යං කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ...// කියාපන් කුරුල්ලෝ