නොලැබෙන සෙනෙහේ (හීන කැන්ඳනා ආදරේ තේමා ගීතය)
Nolabena Senehe (Heena Kandana Adare Theme Song)
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා නෑවිත් ඉන්නා මොහොතක් පාසා හිත හිරවුණා අදටත් මාගේ සෙනෙහේ තරමක් නොදනී ඔයා ඔබ මිරිඟුවක් කියා දැන දැනත් ළංවුණා ඔබ හීනයක්ද මේ හීන කැන්ඳනා ආදරේ...... මේ පපුව ගැඹුරේ දුක් සුසුම් අහුලලා ඉන්නේ කොහොම ඉන්නේ ඔබ තුටින් හිනැහිලා මා තනි වුණාවේ සෙනෙහසත් මදි වෙලා ආයේ තුරුළු වූයේ කඳුළු විතරයි ලැදි වෙලා ඔබ තුටින් හිනැහුණාවේ මා දුකේ ගිල්වලා මං ඉතින් තනි වුණාවේ හීන කැන්ඳනා ආදරේ...... ඔබ මිරිඟුවක් කියා දැන දැනත් ළංවුණා ඔබ හීනයක්ද මේ හීන කැන්දනා ආදරේ...... රෑ දුහුල් මතකේ වේදනා දැඩි වෙලා ඒ මතක අස්සෙන් ඔබ තවත් හමු වුණා මේ පෙම් කතාවේ ඇරඹුමත් ගොළු වෙලා ආයේ තුරුළු වූයේ කඳුළු විතරයි ලැදි වෙලා ඔබ තුටින් හිනැහුණාවේ මා දුකේ ගිල්වලා මං ඉතින් තනි වුණාවේ හීන කැන්ඳනා ආදරේ...... ඔබ මිරිඟුවක් කියා දැන දැනත් ළංවුණා ඔබ හීනයක්ද මේ හීන කැන්දනා ආදරේ......