Home/Songs/මනමාලිය වී

මනමාලිය වී

Manamaliya Wee

Font size:
මනමාලිය වී හෙට දවසේ 
වෙන් වී යන්නම් යෙහෙළියනේ 
මංගල ඇඳුමින් රිය පෙරහැරකින් 
පිටමං වෙනවා සොයුරියනේ 
මනමාලිය වී හෙට දවසේ...

නෙත පිරි කඳුලේ දුක නැහැ දැනුනේ 
සතුටින් කඳුළු හැලේ 
ඉරණම් ගමනේ මාවත හමුවේ 
සුභ පැතුමන් ඇසුනේ 
ඒ... සුභ පැතුමන් ඇසුනේ

මනමාලිය වී...

මවුපියෝ හැරදා ඔබ සැම හැරදා 
මම හෙට වෙන් වෙනවා 
මට මෙන් ඔබටත් පෙම් සුව දැනිලා 
වෙන්වන්නට වෙනවා 
ආ... වෙන්වන්නට වෙනවා

මනමාලිය වී...

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.