Home/Songs/මං ආදරේ තරම්

මං ආදරේ තරම්

Man Adare Tharam

Music: මල්කා මල්වාර Lyrics: අන්ජුල ප්‍රියන්ත
Font size:
මං ආදරේ තරම් මට ආදරේ නොවී
මා සිතින් දුරට වී ඇයි මගේ රත්තරන්
වාවන්න බැරි තරම් වේදනා මට දෙමින්
හිනැහිලා හිඳින්නේ කෙළෙසදෝ ඔහු ළඟින්...
මං ආදරේ තරම්...

මට අහිමි හීනයේ හිත අතරමං වෙලා
ඔබ සිහිවෙලා හඬාවී අසරණව තනිවෙලා
හදවතට ළංවෙලා ඔබ කීව පෙම් කතා
යළි නොඇසෙනා දුකින් හඬාවී දරා ගනු බැරි නිසා...

මං ආදරේ තරම් මට ආදරේ නොවී
මා සිතින් දුරට වී ඇයි මගේ රත්තරන්...

හිත ළඟම දැවටිලා මගේ වෙන්නට පතා
ඔහු ළඟම හිනැහුණේ ඇයි මෙලෙස රිදවලා
නැතුවාට මං ඔබේ පෙරවාගේ ඔය හිතේ
හැමදා මගේ හදේ හිඳිවී ඔයා මට ළංවෙලා...

මං ආදරේ තරම්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.