Font size:
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ කරදිය රැලි උඩින් ගමන මග සලකුණු නෑ අපට කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ..... ඔරු කඳ ලතැවෙනවා මැදැළ හැනැහෙනවා අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා// රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා ඝණ අඳුරේ අප සැමදා වෙලීලා... රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ... නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ// රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා ඝණ අඳුරේ අප සැමදා වෙලීලා..... රනින් මාල...